බ්‍රිතාන්‍යයේ MasterChef තරගාවලියේ ශූරතාව ශ්‍රී ලාංකික තරුණයෙකුට

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු මෙවර බ්‍රිතාන්‍යයේ මාස්ටර් චෙෆ් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

මෙලෙස ජයග්‍රහණය කර ඇත්තේ පශු වෛද්‍යවරයෙකු ලෙස සේවයේ නියුතු බ්‍රින් ප්‍රතාපන් නැමැති ශ්‍රී ලාංකික තරුණයෙක් වන අතර ඔහුට බී බී සී වන් හි (BBC One) විනිසුරුවරුන් වන ජෝන් ටොරෝඩ් සහ ග්‍රෙග් වොලස් විසින් මාස්ටර්චෙෆ් කුසලානය පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බ්‍රිතාන්‍යයේ පවතින විශාලතම ඉවුම් පිහුම් වැඩසටහනක් වන මාස්ටර් චෙෆ් තරගාවලියේ 20 වන අධියරේ ජයග්‍රාහකයා බවටයි බ්‍රින් ප්‍රතාපන් පත්වුණේ.

‌මෙය මාස්ටර් චෙෆ් ඉතිහාසෙය් වෙනස්ම ජයග්‍රහණයක් වන අතර මෙම ශ්‍රී ලාංකිකයා අනෙක් තරගකරුවන්ට අභියෝගාත්මක අයෙකු වූ බවයි වාර්තා වන්නේ.

සති අටක දැඩි අභියෝගාත්මක ඉසව්වලින් පසු තවත් සූපවේදීන් 57 දෙනෙකු පසුකර ජය ගත් බ්‍රින් ප්‍රතාපන් මාස්ටර් චෙෆ් තරගාවලියක ශ්‍රී ලංකිකයෙක් ලැබූ දැවැන්තම ජය ලෙස වාර්තා අතරට එක්වනවා.

බ්‍රින් අසාමාන්‍ය කෝකියෙක් සහ පුදුම සහගත දක්ෂයෙකු බව මාස්ටර්චෙෆ් විනිසුරු ජෝන් ටොරෝඩ් ප්‍රකාශ කළා.

එමෙන්ම මාස්ටර්චෙෆ් විනිසුරු ග්‍රෙග් වොලස් සඳහන් කර ඇත්තේ බ්‍රින් විසින් නිර්මාණය කරන ලද ආහාර තම අත්දැකීම අනුව අද්විතීය මෙන්ම මෙතෙක් දැක ඇති විශිෂ්ට දක්ෂතාවලින් එකක් බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »