ලෝකයේ ව්‍යාප්ත වෙමින් ඇති නව කොවිඩ් ප්‍රභේදයක් ඔස්ට්‍රේලියාවට

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ෆ්ලිට් (“FLiRT”) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන COVID-19 නව වෛරස් ප්‍රභේදයක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇතැයි තොරතුරු අනාවරණ වනවා.

එය මාස පහකට පෙර පළමු වතාවට වාර්තා වූ අතර කොවිඩ් උප ප්‍රභේදයක් වන අතර දැනටමත් එක්සත් ජනපදයේ ව්‍යාප්ත වෙමින් ඇති බවයි පැවසෙන්නේ.

පවතින දත්ත වාර්තා අනුව පෙන්නුම් කර ඇත්තේ මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන බවයි.

මෙම නව වෛරසය පරිණාමය වී ඇත්තේ 2023 වසරේ අගභාගයේදී මතුව මෙම වසර මුලදී ආසාදනවල වැඩිවීමක් ඇති කළ JN1 උප ප්‍රභේදයෙන් බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එය ප්‍රථම වරට වාර්තා වූයේ ජනවාරි මාසයේදී වන අතර මැයි 3 වන දින අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියාව පුරා සමස්ත COVID-19 ආසාදන වැඩිවෙමින් පවතින අතර නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ඇතුළු රට පුරා සෞඛ්‍ය බලධාරීන් මෑත සතිවල රෝගීන් වැඩි වන බවටයි අනතුරු අඟවා ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »