සිංගප්පූරු ගුවන් යානයේ අනතුරින් තුවාල ලැබූ ඔස්ට්‍රේලියානුවන් ගැන තොරතුරු නිකුත් වෙයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් සිදුවූ අනතුරින් ඔස්ට්‍රේලියානුවන් 12 දෙනෙකු තුවාල ලබා තායිලන්තයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවන ස්ථිර පදිංචිකරුවෙකු ද තුවාල ලැබූ පිරිස අතර වන බවටයි අනාවරණ වී ඇත්තේ.

තුවාල ලබා සිටින ඔස්ට්‍රේලියානුවන් බැංකොක් නුවර රෝහල්වල ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව තහවුරු කළා.

දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක වාර්තා වූ මෙම සිදුවීමෙන් විපතට පත් වූවන්ට ඔස්ට්‍රේලියානු රජය සංවේගය පිරිනමන බවයි.

බැංකොක්හි පිහිටි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ කොන්සියුලර් නිලධාරීන් සිද්ධියෙන් පීඩාවට පත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් පිළිබඳ සොයා බලමින් සිටිනවා.

හදිසි කොන්සියුලර් ආධාර අවශ්‍ය ඔස්ට්‍රේලියානුවන් පැය 24 පුරා පවතින කොන්සියුලර් හදිසි මධ්‍යස්ථානය අමතන ලෙසටයි දැනුම් දෙන්නේ.

මෙම අනතුරින් බලපෑමක් නොවූ ඔස්ට්‍රේලියානුවන් ඊයේ රාත්‍රියේ සිඩ්නි වෙත පැමිණෙමින් සිටින අතර ඉදිරි පැය 24 තුළ ඔවුන් රැගත් තවත් ගුවන් යානා පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

සිංගප්පූරු ගුවන් සේවයේ මෙම යානය කැළඹීමට හසුවන විට එහි ඔස්ට්‍රේලියානුවන් 56 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 211 දෙනෙකු ගමන් කරමින් සිට තිබුණා.

සඳුදා රාත්‍රියේ වායු කැළඹීමක් ඇතිවීමෙන් පසු ගුවන් යානය අඩි 6000ක් පහළට ඇද වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 30කට වැඩි පිරිසක් තුවාල ලබා එක් අයෙක් මරණයට පත්වුණා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »