Facebook ප්‍රවෘත්ති තහනමට හසු වූ ප්‍රවෘත්ති නොවන සංවිධාන වලට අදාල​ Facebook පිටු ද අවහිර කරයි!

Facebook සමාගම​ විසින් ඕස්ට්‍රේලියානුවන්ට Facebook හරහා ප්‍රවෘත්ති share කිරීම සහ පළ කිරීම අවහිර කිරීමට කටයුතු කිරීමත් සමඟම සමහර ප්‍රවෘත්ති ප්‍රචාරණය නොකරන පිටුද අවහිර වූ බවට සඳහන් වූවා.

භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පැවසුවේ Facebook විසින් ගත් ක්‍රියාව අනවශ්‍ය සහ වැරදි බවයි.

මෙලෙස Facebook ප්‍රවෘත්ති තහනමට හසු වූ ප්‍රවෘත්ති නොවන සංවිධාන වලට අදාල​ Facebook පිටු පහතින් දැක්වේ.

Bureau of Meteorology
NSW Fire and Rescue
Department of Fire and Emergency Services, WA
Government Health pages for Queensland, ACT, South Australia, Western Sydney
Australian Trade Unions
Victorian Council of Social Services
Homeless charities including Mission Australia, Sacred Heart Mission in Melbourne, Council to Homeless Persons
Domestic violence help including 1800 Respect, Womens’ Legal Service NSW
Victoria Opposition leader Michael O’Brien
WA Opposition Leader MP Zak Kirkup
NSW Police Legacy
UK football teams including Manchester United, Celtic and Chelsea
Bowel Cancer Australia
Harvey Norman
Brisbane City Council
Translink Queensland

කෙසේ වෙතත්, අද දහවල් වනවිට මෙම පිටුවලින් සමහරක් යථා තත්වයට පත් වී තිබෙනවා. මේ අතරේ Fire and Rescue NSW, Department of Fire and Emergency Services WA, SA Health සහ​ Queensland Health යන Facebook පිටු නැවත දර්ශනය වීමට පටන් ගෙන තිබේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »