Search

ඔස්ට්‍රේලියා ඉතිහාසය අලුත් කරන සිදුවීමක් අද රාත්‍රියේ

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාගය මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ලොතරැයි නිලධාරීන්ට අනුව අද පැවැත්වෙන ඩොලර් මිලියන 150ක පවර් බෝල් දිනුම් ඇදීමට ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් අඩක් පමණ ඇතුළත් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ලොතරැයි ක්‍රීඩාව තුළ මෙතෙක් පිරිනමන තුන්වන විශාලතම ත්‍යාගය අද රාත්‍රී 8.30 ට පමණ දිනුම් ඇදීමට නියමිතයි.

පසුගිය දිනුම් ඇදීම් හය තුළ පළමු කොටසේ ජයග්‍රාහකයින් නොසිටි බැවින් අද මෙවැනි දැවැන්ත මුදල් ත්‍යාගයක් පවතින බවයි සඳහන් වන්නේ.

අද එක් පුද්ගලයෙකු පමණක් මෙම ඩොලර් මිලියන 150ක ලබා ගත හොත් ඔවුන් ඔස්ට්‍රේලියා ඉතිහාසයේ විශාලතම තනි පුද්ගල ලොතරැයි ජයග්‍රාහකයා බවට පත්වෙමින් ඉතිහාසගත වනු ඇති.

පවර්බෝල් අවසන් වරට ඩොලර් මිලියන 150ක ත්‍යාගයක් පිරිනැමුවේ මේ වසරේ ජනවාරි මාසයේදී යි.

අලෙවියේ උච්චතම අවස්ථාව දිනුම් ඇදීමේ දිනයේ සවස 6.15 ට වූ අතර එක් මිනිත්තුවක් තුළ ටිකට්පත් 7455 ක් අලෙවි විය.”

2019 වසරේ දී සිඩ්නි හෙදියක් ඩොලර් මිලියන 107කට වැඩි තෑගි මුදලක් දිනා ගනිමින් ඔස්ට්‍රේලියාවේ වත්මන් විශාලතම තනි පුද්ගල ලොතරැයි ජයග්‍රාහකයා බවට පත්ව සිටිනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »