Search

ඔස්ට්‍රේලියාවේ සුරතල් සතුන් ඇති කරන ඔබ මේ ගැන දැනුවත් ද?

ඔස්ට්‍රේලියාවේ ගෘහාශිතව ඇතිකර සුරතල් සතුන් ගණන මිලියන 28.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ෆයින්ඩර් වාර්තා පෙන්වා දෙන්නේ සුරතල් සතුන් ඇතිකරන රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉහළ ස්ථානයක පසුවන බවයි.

මේ වන විට ඔස්ට්‍රේලියානු නිවාස ඒකකවලින් සියයට 69කට ආසන්න ප්‍රමාණයක සුරතල් සතුන් ඇති කරන බව සඳහන්.

මේ අතර මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් තම සුරතල් සතුන් නිරීක්ෂණය සඳහා CCTV කැමරා භාවිත කරන බව හෙළිව තිබෙනවා.

තමන් නිවසින් පිටතට යන අවස්ථාවේදී නිවසේ සිටින සුරතලා පිළිබඳ නිරීක්ෂණය සඳහා මෙලෙස කැමරා භාවිත කර ඇති බව සඳහන්.

සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයින් 1062 අතුරින් සියයට 22ක් පමණ ප්‍රකාශ කර ඇත්තේ නිවසින් බැහැරට යාමේදී තම සුරතලුන් පිළිබඳ කැමරා මගින් සොයා බැලීමට ලක්කරන බවයි.

මේ අතර ඔස්ට්‍රේලියානු සුරතල් සතුන් හිමියන්ගේ සියයට 16ක් පමණ තම සුරතල් සතුන් රක්ෂණය කර ඇති බවද වාර්තා වනවා.