Search

මෙල්බන්වල සොරකම් කළ මෝටර් රථයක් නතර කරන්න ගිය පොලිස් නිලධාරියෙකුට කරදරයක්

මෙල්බන්හිදී සොරකම් කර රැගෙන පළා යමින් තිබූ මෝටර් රථයක් නතර කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකු එම මෝටර් රථයේ ගැටී තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද අලුයම 3ට පමණ අද වර්මොන්ට් සවුත් හි ස්ප්‍රිංවේල් පාර මංසන්ධිය අසල පිහිටි හෝටලයකට නිලධාරීන් දෙදෙනෙකු ගොස් ඇත්තේ සොරකම් කරන ලද වාහනයක් දැක ඇති බවට ලැබුණු වාර්තා අනුවයි.

ඔවුන් ප්‍රදේශය වටකර මෝටර් රථය නැවැත්වීම සඳහා රෝදවල හුළං යැවීමේ උපකරණය ස්ථානගත කිරීමට උත්සාහ කිරීමේදී රියදුරා විසින් නිලධාරීන් අනතුරට ලක් කර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

27 හැවිරිදි නිලධාරියෙකු අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර උරහිස බිඳී යාම ඇතුළු බරපතල තුවාල සහිතව ඔහු ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෝටර් රථය වර්මොන්ට් හි ටකර් මාර්ගයේ අත්හැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව විමර්ශනය කරන අතරතුර සැකකරු සම්බන්ධයෙන් කැමරා දර්ශන ද උපයෝගී කර ගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.