මව බලන්න ගිය දරුවෙක් ගැන පර්ත්වලින් ඇසෙන හිතාගන්න බැරි කතාව

12 හැවිරිදි පිරිමි ළමයෙකුගේ පාදය පර්ත්හිදී බස් රථයක දොරක සිරවීමෙන් පසු මීටර් 300ක පමණ දුරක් ඇදගෙන යාමේ සිදුවීමක් පිළිබඳ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම පිරිමි ළමයාගේ එක් පාදයක් බස් රථයේ දොරේ සිරවීමෙන් පසු බස් රථයත් සමග මීටර් 300ක පමණ දුරක් ඇදී ගොස් අස්ථි බිඳීමට ලක්වී ඇති බවයි සඳහන් වන්නේ.

ජෙරමි තොම්සන් නම් ඔහු තම මව බැලීම සඳහා බස් රථයක නැඟී ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුරට ලක්වී ඇති අතර තුවාල ඉතා දරුණු බැවින් සුවය ලැබීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි සඳහන්.

එම පිරිමි ළමයාගේ එක් අතක් කැඩී ගොස් ඇති අතර පිටේ සම සඳහා බද්ධ කිරීම් දෙකක් ද කර ඇතැයි වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ සිටි මෙම පිරිමි ළමයාගේ මිතුරන් බස් රථය නතර කරන ලෙසට කෑ ගැසුව ද රියදුරා නොනවත්වා ධාවනය කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

බස් රථ සමාගම විසින් එම රියදුරාගේ සේවය අත්හිටුවා ඇති අතර ඔස්ට්‍රේලියා පොදු ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ මෙම සිදුවීම සටහන් වී ඇති බස් රථයේ ආරක්ෂිත කැමරාව ද විමර්ශන සඳහා පොලිසියට භාරදී ඇති බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »