නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ භූ කම්පනයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ ඒකක 3.9 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

අද උදෑසන 6.41ට පමණ සිදුව ඇති මෙම භූ කම්පනයෙන් සිදු වූ හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

ඇතැම් නිවැසියන් සඳහන් කළේ උදෑසන තම නිවස සෙලවෙන බව දැනීමත් සමග පිබිදුනු බවයි.

භූ කම්පන විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කරන්නේ බ්‍රහස්පතින්දා උදෑසන 6.41ට ටරල්ගා (Taralga) ප්‍රදේශයේ භූමිකම්පාව ඇති වූ බවයි.

භූමිකම්පාවේ අපකේන්ද්‍රයට කිලෝමීටර් 19ක් පමණ නැගෙනහිරින් පිහිටි ප්‍රදේශවලට ද එය දැනී තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »