ලෝක වාර්තා අතරට ගිය කුරුළු පිහාටුව

දැනට වඳ වී ගොස් ඇති නවසීලන්ත හුයිආ (“huia”) පක්ෂියාගේ තනි පිහාටුවක් වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් 28,417ක වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා.

ඩොලර් 3,000ක් දක්වා මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන ලද පිහාටුව මෙතරම් ඉහළ මිලකට අලෙවි වීමෙන් අලෙවි වීම ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

වෙන්දේසියකදී පිහාටුවක් අලෙවි වූ දැවැන්තම මිල ලෙසට මෙතෙක් පැවති වාර්තාව ද හිමිකරගෙන තිබුණේ මෙම වර්ගයේම පක්ෂියෙකුගේ පිහාටුවක් වන අතර එම මිලට වඩා සියයට 450කට වැඩි අගයකින් මෙවර පිහාටුව අලෙවි වීම විශේෂත්වයක්.

මෙම පක්ෂියා නවසීලන්තයේ ආදිවාසී ප්‍රජාවක් වන මාඕරි ජනයා පූජනීයත්වයෙන් සලකනු ලැබූ සත්වයෙක් වනවා.

ඔවුන්ගේ පිහාටු බොහෝ විට එම ප්‍රජාවේ ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් හිස් ආවරණ ලෙස පැළඳ සිටි අතර තෑගි දීමට හෝ වෙළඳාම් සඳහා ද භාවිතා කරනු ලැබුවා.

මෙම පක්ෂියා අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී බවයි සඳහන් වන්නේ.

දුර්ලභ කුරුල්ලෙකු වූ මෙම පක්ෂි විශේෂය නවසීලන්තයට පැමිණි යුරෝපීයයන් අය අතර ජනප්‍රිය වීමෙන් පසු ඔවුන්ගේ ඉලක්කයක් බවට පත් වූ අතර එය වඳ වී යාමට හේතු වූ බව නවසීලන්ත කෞතුකාගාරය ප්‍රකාශ කළා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »