සම්බුදු තෙමගුල සිහි කෙරෙන වෙසක් උත්සවය වෙනුවෙන් සැමරුම් රැසක්

බෝසතුන්ගේ ඉපදීම, සිදුහත් කුමරුන්ගේ බුදුවීම සහ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ඇතුලු නගර රැසක ශීල ව්‍යාපාර, දන්සැල්, වෙසක් කූඩු ඇතුලු විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඊට අමතරව දිවයින පුරා වෙසක් කලාප 419 ක් දතොරණ 321ක් සහ වෙනත් උත්සව 1090ක් දසංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු අද දිනයේ නිදහස් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »