වසර ගණනක් අසල්වැසි නිවසක විදුලි බිල ගෙවූ සිඩ්නි යුවළක් වන්දි ඉල්ලයි

විදුලි සැපයුම් සමාගමේ අත්වැරදීමක් හේතුවෙන් වසර ගණනාවක් පුරා අසල්වැසි නිවසේ විදුලි බිල ගෙවීමට සිදු වූ සිඩ්නි හි පදිංචි යුවළක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

මෙම තරුණ යුවල නොදැනුවත්වම වසර තුනක් එක දිගට තම අසල්වැසියාගේ විදුලි බිල ගෙවීම හේතුවෙන් ඩොලර් දහස් ගණනක් අහිමි වී ඇති බවයි පැවසෙන්නේ.

සිඩ්නි හි වයඹ දෙසින් පිහිටි ඔවුන්ගේ නිවස වෙත පැමිණි දිනයේ සිට ඔවුන් දෙදෙනා මෙම විදුලි බිල් ගැටලුව හේතුවෙන් කනස්සල්ලට පත්ව සිට තිබෙනවා.

තමන් පදිංචි නිවසේ සූර්ය පැනල සවි කර තිබියදීත් මාසික විදුලි බිල්පත් ඩොලර් 200 සිට ඩොලර් 400 දක්වා වූ බව ඔවුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

කිසිදු දිනක එතරම් විදුලිය භාවිතා නොකිරීම මෙන්ම කිසිදු දිනක තම බිල්පතට සූර්ය පැනල සඳහා වට්ටමක් ලැබී නොතිබීම හේතුවෙන් එය ව්‍යාකූල තත්වයක් වූ බවයි මෙම යුවළ කියාසිටියේ.

2022 වසරේ දෙසැම්බර් මාසයේ දී ඔවුන් මුළු මාසයම විදේශගතව සිටිය ද ඩොලර් 508.48ක බිල්පතක් ලැබී තිබුණා.

මෙම යුවල කියා සිටින්නේ ඇලින්ටා එනර්ජී (Alinta Energy) සමාගම විසින් තමන්ගෙන් ඩොලර් 3000ක පමණ මුදලක් වැඩිපුර අය කර ඇති අතර එම මුදල් ආපසු ලබා ගැනීමට බලශක්ති සමාගම සමඟ කටයුතු කරන බවයි.

තමන් මීට පෙර සමාගම අමතා මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන්ට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි වූ අතර සූර්ය පැනලවල ගැටලුවක් මීට හේතු වන්නට ඇති බවටයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

අනතුරුව සූර්ය පැනල සැපයුම්කරු විදුලි මීටරය සම්බන්ධයෙන් පරික්ෂා කර දන්වා ඇත්තේ මෙම යුවළ අසල්වැසියාගේ බිල්පත් ගෙවීමක් සිදුව ඇති බවයි.

මේ වසරේ මෙම යුවළට ඩොලර් 900 ක බිල්පතක් ලැබී ඇති අතර ඔවුන් එය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇලින්ටා එනර්ජී සමාගම මෙම යුවළගෙන් සමාව ඉල්ලා ඇති අතර මෙම කරුණ විසඳීමට පිළිගත නොහැකි දිගු කාලයක් ගත වූ බව පිළිගන්නා බව ද සඳහන් කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »