රටවල් 81ක් එක්වූ සමීක්ෂණයකින් මෙරට පාසල් ගැන කවුරුත් නොහිතන දෙයක් හෙළිවෙයි

ඉංග්‍රීසි කතා කරන ලෝකයේ ඉහළ රටවල් අතුරින් ඔස්ට්‍රේලියානු පාසල්වල ළමයින් හිරිහැරයට ලක්වීම ඉහළ මට්ටමක පවතින බව හෙළිවී තිබෙනවා.

පන්ති කාමරයේ විනය බිඳවැටීම සිසුන්ගේ පාසල් ප්‍රතිඵලවලට බාධාවක් වන බවටයි අධ්‍යාපන විශේෂඥයන් කනස්සල්ල පළ කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු පාසල්වල සිදුවන හිරිහැර කිරීම් සම්බන්ධව අධ්‍යාපන පර්යේෂණ කවුන්සිලය මෙම තොරතුරු අනාවරණ කර ඇත්තේ රටවල් 81ක වයස අවුරුදු 15 මට්ටමේ පසුවන සිසුන් 690,000ක් පමණ සමීක්ෂණයට ලක් කරමින්.

ඔස්ට්‍රේලියාවේ සිසුන් 13,437ක් ද එම පරීක්ෂණයට යොදාගෙන තිබුණා.

එම විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ ලැට්වියානු සිසුන් ඉහළම හිරිහැර කිරීම් අත්විඳ ඇති අතර දෙවන ස්ථානයට ඔස්ට්‍රේලියානු සිසුන් පත්ව සිටින බවයි.

ඔස්ට්‍රේලියානු සිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙක් පමණ කියා සිටියේ පන්තියේ මිතුරන් ඔවුන්ට විහිළු කළ බවයි.

පහර දීමේ හෝ තල්ලු කිරීමේ සිදුවීම් ඔස්ට්‍රේලියානු සිසුන්ගෙන් සියයට 6ක් වාර්තා කර ඇති අතර 10 දෙනෙකුගෙන් එක් අයෙක් කියා සිටියේ තමන් පිළිබඳ අප්‍රසන්න කටකතා පැතිරී ඇති බවයි.

එමෙන්ම පෝලන්තය, නවසීලන්තය, හොංකොං සහ එක්සත් ජනපදයේ සිසුන්ට ඔස්ට්‍රේලියානු සිසුන්ට වඩා පාසල්වල ආරක්ෂාව අඩු බවක් දැනී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පන්ති කාමර ලොව වඩාත්ම අක්‍රමිකතා අතරට එක්වන බව වාර්තාවේ සඳහන් වන අතර ඔස්ට්‍රේලියානු පාසල්වල සිසුන්ගෙන් සියයට 40 ක් කියා සිටියේ ඩිජිටල් උපාංග නිසා තම අවධානය වෙනතකට යොමු කර ඇති බවයි.

අනෙකුත් රටවල් හා සසඳන විට අඩු ගුරුවරුන් සංඛ්‍යාවක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු පාසල්වලට බාධා එල්ල වී ඇති අතර ඔස්ට්‍රේලියාවට වඩා විශාල ගුරු හිඟයක් පවතින්නේ වෙනත් රටවල් හතරක පමණක් බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »