Search

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථය අනතුරට පත්වන විට කිල්මෝර්හි අසම්ප්ෂන් විද්‍යාලයේ ළමුන් 30 දෙනෙකු පමණ එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බර්න් නගරයට කිලෝමීටර් 65ක් උතුරින් පිහිටි කිල්මෝර් හි අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් බසයේ සිටි අතර අද සවස 3.30ට පමණ එය කිල්මෝර්හි වැන්ඩොං පාරෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථයේ රියදුරු වැල්ලන් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

එක් දරුවෙකු ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සහිතව ස්ථාවර තත්ත්වයෙන් කිල්මෝර් රෝහලට ගෙන ගොස් තිබෙනවා.

බස් රථයේ සිටි තවත් අනෙක් ළමයින්ට තුවාල සිදුවීමක් වාර්තා නොවන බවයි සඳහන් වන්නේ.

අනතුර වාර්තා වීමත් සමගම ගිලන් රථ හෙලිකොප්ටර් දෙකක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබුණා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »