ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති හැකියාව සහ එහි නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයක් සිදු කර තිබෙනවා.
ආහාර ගැනීමේදී තම මගීන් හෝ අනෙකුත් මාර්ග භාවිතා කරන්නන් අනතුරට පත් කළ හොත් නීතිමය වශයෙන් වැරදිකරුවෙකු වීම අනිවාර්යය බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
රිය පැදවීමේදී ආහාර ගැනීම නීති විරෝධී නොවුන ද එම අවස්ථාව තුළ තමන් නිවැරදිව මෝටර් රථයේ පාලනය පවත්වාගෙන යන බවට සහතික කළ යුතු වනවා.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ ආහාර ගැනීමට අවශ්‍ය නම් විනාඩි 5කට රථය නතර කර ආහාර ගැනීම වඩාත් හොඳ ක්‍රියාවක් වන බවයි.
කෙටි පණිවුඩ යවමින් රිය පැදවීම ද අවධානය වෙනතකට යොමු කළ හැකි බවටයි පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ.
වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියා ඇතුලු ප්‍රාන්තවල රිය පැදවීමේදී ආහාර ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත නීතියක් රජයන් විසින් ප්‍රකාශයට පත් කර නැහැ.
එහෙත් රියදුරෙකු ආහාර ගනිමින් තම ජීවිතය සහ වෙනත් පුද්ගලයින්ගේ ජීවිත අනතුරේ හෙළන බව හැඟවෙන්නේ නම් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය හැකියි.