
ජීවන වියදම් පිරිවැය ඉහළ ගියද ඔස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකු තවමත් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැනීමට සැලසුම් කරමින් සිටින බව නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.
ඊයේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්තවල දැක්වෙන්නේ මේ වන විට වයස අවුරුදු 45 හෝ ඊට වැඩි සේවකයින් විශ්‍රාම යාමට අදහස් කරන වයස සාමාන්‍යයෙන් අවුරුදු 65 සහ 66 අතර පවතින බවයි.
සාමාන්‍ය විශ්‍රාම වයස ගතවූ වසර 10ක පමණ කාලයක් තුල බොහෝ වෙනස් වී නොමැති බව සංඛ්‍යාලේඛන කාර්යාංශයේ කම්කරු සංඛ්‍යාලේඛන ප්‍රධානියා සඳහන් කළා.

මීට වසර 10කට පමණ පෙර පිරිමින්ගේ විශ්‍රාම වසය සහ කාන්තාවන්ගේ විශ්‍රාම වයස අතර අවුරුදු දෙකක පරතරයක් පැවතුණ ද මේවන විට එය වසරක් හෝ මාස 6ක් පමණ දක්වා අඩු වී ඇතැයි සඳහන්.
නව දත්ත පෙන්නුම් කරන්නේ ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් වැඩි ආදායමක් සහිතව විශ්‍රාම ගොස් ඇති අතර පසුගිය වසර 10 තුළ තමන්ට පුද්ගලික ආදායමක් නොමැති බව පැවසූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව සියයට 12 දක්වා පහත වැටී ඇති බවයි.

සමස්තයක් වශයෙන්, විශ්‍රාමිකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය විශ්‍රාම වැටුප වන අතර කෘෂිකර්මාන්තය, වන වගාව සහ මසුන් ඇල්ලීම යන ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයින්ගේ වැඩිම විශ්‍රාම වයස අවුරුදු 68ක් බව සඳහන්.
දැනට ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින් මිලියන 4.2 ක් සිටින අතර ඉදිරි වසර 5 තුළ පුද්ගලයින් 710,000 ක් විශ්‍රාම යාමට අදහස් කරන බව වාර්තාවල දැක්වෙනවා.