මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

මුම්බායි ගුවන් තොටුපොළ වෙත එම යානය ආරක්ෂිතව ගොඩ බස්වා ඇති අතර ඊට සුළු වේලාවකට පෙර මෙලෙස පක්ෂි රංචුවේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

කුරුළු රංචුව ගැටීම හේතුවෙන් ගුවන් යානයට ද සුළු අලාභ හානි සිදුවී ඇති අතර කුරුල්ලන් 39 දෙනෙකු මිය ගොස් තවත් කුරුල්ලන් රැසකට තුවාල සිදුව ඇති බව සඳහන්.

ඩුබායි සිට මුම්බායි දක්වා පියාසර කරමින් තිබූ බෝයින් 777 EK508 දරණ ගුවන් යානය පොළොව මට්ටමේ සිට මීටර් 300ක් (අඩි 1,000) පමණ ඉහළ අහසේදී මෙලෙස කුරුළු රංචුවේ ගැටී තිබෙනවා.

කෙසේ වෙතත් ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්ස වූ අතර මගීන් සහ කාර්ය මණ්ඩලයට කිසිඳු හානියක් සිදුව නොමැති බවයි එමිරේට්ස් ප්‍රකාශකයෙකු රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත්තේ.

නමුත් කනගාටුදායක ලෙස ෆ්ලෙමින්ගෝ පක්ෂීන් ගණනාවක් අහිමි වීම පිළිබඳව ඔවුන් ශෝකය පළ කරනවා.

අසල්වැසි ගුජරාට් ප්‍රාන්තයේ සිට සෑම ශීත සෘතුවකම ෆ්ලෙමින්ගෝ පක්ෂීන් විශාල වශයෙන් මුම්බායි නගරයට සංක්‍රමණය වන බව සඳහන්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »