ඔස්ට්‍රේලියාව ආසන්න ගුවන් කලාපයේත් කැළඹිලිවල ඉහළ යාමක්

දේශගුණික විපර්යාස හමුවේ ලෝකයේ වඩාත් පොදු ගුවන් ගමන් මාර්ග කිහිපයක කැළඹීම් තවදුරටත් වාර්තා විය හැකි බව විශේෂඥයින් පවසනවා.

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පෙරේදා මුහුණ දුන් කැළඹීම වැනි සිදුවීම් ගුවන් ගමන්වල පොදු අංගයක් වුව ද තුවාල හෝ මරණයට හේතු වන දරුණු කැළඹීම් සිදු වන්නේ ඉතා කලාතුරකින්.

ලන්ඩන් සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් දැඩි කැළඹීමකට ලක්වීම හමුවේ හෘදයාබාධයකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් වැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

එම යානය අඩි 37,000ක් ඉහළ ගමන් කරමින් සිටියදී හදිසියේම අඩි 6000ක් පමණ දක්වා පහතට ඇද වැටුණු අතර මගීන් ඔවුන්ගේ ආසනවලින් ඉවතට විසිවී ගොස් තිබුණා.

දේශගුණික විපර්යාස මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන බැවින් විද්‍යාඥයින් පවසන්නේ කැළඹීමට හේතු කිහිපයක් පවතින බවයි.

ලෝකය අඛණ්ඩව පොසිල ඉන්ධන දහනය කරන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර වායුගෝලීය කැළඹීම යනු එම උනුසුම් වීමෙන් බලපාන තවත් එක් ස්වාභාවික සංසිද්ධියක් පමණක් බව මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වායුගෝල විද්‍යාඥ මහාචාර්ය ටොඩ් ලේන් සඳහන් කළා.

සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානය අනතුරට ලක්වීමට හේතු වූයේ කුමන ආකාරයේ කැළඹීමක් ද යන්න මෙතෙක් නිශ්චිතව හෙළි නොවුණ ද එම අවස්ථාවේ ප්‍රදේශයේ දරුණු කුණාටු තත්වයක් පැවති බවයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් 2050 – 2080 අතර කාලය වන විට උතුරු අත්ලාන්තික් සාගරයේ දරුණු කැළඹීම් දෙතුන් ගුණයකින් වැඩි වනු ඇති බව 2017 වසරේ සිදු කළ අධ්‍යයනයක් අනාවැකි පළ කර තිබුණා.

එම අධ්‍යයනයෙන් ඔස්ට්‍රේලියාව පුරා ඇති කැළඹීම්වල ද සියයට 50ක වැඩිවීමක් ඇති විය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »