වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ වාර්තා වීම සමග සෞඛ්‍ය උපදෙස් මාලාවක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කුරුළු උණ ආසාදිතයෙකු මෙන්ම බිත්තර ගොවිපළක සතුන් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් ගණනාවක් නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සියලුම කුකුළු හා පක්ෂි හිමිකරුවන්ට දැනුම් දී ඇත්තේ තම ගොවිපළ සහ උපකරණ පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.

එමෙන්ම පක්ෂීන් අතර සම්බන්ධතා සීමා කිරීම වැනි ජෛව ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන ලෙසට ද සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.

කුරුළු ගොවිපළ හිමිකරුවන් ඔවුන්ගේ පාවහන් පිරිසිදු බව සහතික කළ යුතු අතර, කුරුල්ලන් හෝ බිත්තර හැසිරවීමට පෙර සහ පසු සෑම විටම අත් සේදීම කළ යුතු බවයි දැනුම් දෙන්නේ.

2020 වසරේදී ද වික්ටෝරියා ප්‍රාන්තයේ බිත්තර ගොවිපල තුනක් කුරුළු උණ පැතිරීමකට හසු වුව ද ඒවා 2021 පෙබරවාරි මාසයේදී රෝගවලින් තොර කලාප ලෙසට ප්‍රකාශයට පත් කෙරුණා.

කුරුළු උණ වෛරසය ආසාදිත සතුන් සමඟ සෘජු සම්බන්ධතා ඇති මිනිසුන් අතර පැතිර යා හැකි වුව ද එමගින් මහජනතාවට පවතින අවදානම අඩු මට්ටමක පවතින බවයි වික්ටෝරියා ප්‍රාන්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

වික්ටෝරියා සෞඛ්‍ය අංශ සඳහන් කළේ ප්‍රාන්තයේ දරුවෙකු කුරුළු උණ වැළඳුණු පළමු රෝගියා බව තහවුරු වී ඇති බවයි.

මෙම දරුවා ඉන්දියාවේ සිටියදී කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයට ගොදුරු වූ අතර මේ වසරේ මාර්තු මාසයේදී ඔහු අසනීප වූ බව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් පළමු වරට කුරුළු උණ හඳුනා ගැනීමෙන් පැය කිහිපයකට පසුවයි සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම හෙළිදරව්ව සිදු කර තිබුණේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිදියුණු කරන ලද නිරීක්ෂණ පද්ධතියේ කොටසක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා වෛරස් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන සාම්පල පරීක්‍ෂාව මගින් වෛරසය අනාවරණය කර ගත් බව නිලධාරීන් ප්‍රකාශ කළා.

සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ, ලෝකයේ කුරුළු උණ බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිටින විට ආසාදිත පක්ෂීන් හෝ සතුන් සමග සමීපව කටයුතු කරන්නේ නම් පමණක් ඔවුන් අවදානමට ලක්වන බවයි.

කලාතුරකින්, මිනිසුන් තුළ ඇති කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය වෙනත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »