Search

පාසල් ළමයින් පිරිසක් රැගත් බස් රථයක් මෙල්බන් ආසන්න ප්‍රදේශයකදී අනතුරක

මෙල්බන් නගරයට ආසන්න කිල්මෝර් ප්‍රදේශයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ගිලන්රථ හෙලිකොප්ටර් දෙකක් පිටත් කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙල්බර්න් නගරයට කිලෝමීටර් 65ක් උතුරින් පිහිටි කිල්මෝර්හි අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගෙන යමින් තිබූ බසය අද සවස සවස 3.45ට පමණ වැන්ඩොං මාර්ගයේදී මෙලෙස අනතුරකට ලක්ව තිබෙනවා.

පාසල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බස් රථයේ සිටි සියලුම සිසුන් හොඳින් සිටින අතර හදිසි සහන සේවා ක්‍රියාත්මක බවයි.

එම ස්ථානයේ විද්‍යාලීය කාර්ය මණ්ඩලය ද සිටින බව සඳහන්.

ළමයින් රැගත් බස් රථය ආරක්ෂක වැටක්ද කඩාගෙන ගොස් ගසක හැපී නතර වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම අනතුර සමග වැන්ඩොං මාර්ගය දෙපසින්ම වසා දමා ඇති අතර රියදුරන්ට දැනුම් දෙන්නේ එම මාර්ගය භාවිතයෙන් වැළකී වොලන් ඊස්ට් හරහා ගමන් කරන ලෙසටයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »