ඔස්ට්‍රේලියාවේ කුරුළු උණ වැළඳුණු පළමු රෝගියා වික්ටෝරියා ප්‍රාන්තයෙන්

කුරුළු උණ වැළඳුණු පළමු රෝගියා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ වික්ටෝරියා ප්‍රාන්තයේ දරුවෙකුට කුරුළු උණ වැළඳුණු පළමු රෝගියා බව තහවුරු වී ඇති බවයි.

මෙම දරුවා ඉන්දියාවේ සිටියදී කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයට ගොදුරු වූ අතර මේ වසරේ මාර්තු මාසයේදී ඔහු අසනීප වූ බව වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් පළමු වරට කුරුළු උණ හඳුනා ගැනීමෙන් පැය කිහිපයකට පසුවයි සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිදියුණු කරන ලද නිරීක්ෂණ පද්ධතියේ කොටසක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා වෛරස් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන සාම්පල පරීක්‍ෂාව මගින් කුරුළු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය අනාවරණය කර ගත් බව නිලධාරීන් ප්‍රකාශ කළා.

සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ, ලෝකයේ කුරුළු උණ බලපෑමට ලක් වූ ප්‍රදේශවල සිටින විට ආසාදිත පක්ෂීන් හෝ සතුන් සමග සමීපව කටයුතු කරන්නේ නම් පමණක් ඔවුන් අවදානමට ලක්වන බවයි.

කලාතුරකින්, මිනිසුන් තුළ ඇති කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය වෙනත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් සංසරණය වන කුරුළු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මිනිසාගෙන් මිනිසාට පහසුවෙන් පැතිර යා හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා සෞඛ්‍ය අංශ පැවසුවේ ඔස්ට්‍රේලියාවේ කුරුළු උණ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වූ පළමු රෝගියා මෙම දරුවා වන අතර රට තුළ H5N1 ආසාදනය පිළිබඳ අනාවරණය වූ පළමු අවස්ථාව මෙය බවයි.

කුරුළු උණ රෝග ලක්ෂණ අතර උණ, කැස්ස, හිසරදය, මාංශ පේශි කැක්කුම සහ ශ්වසන රෝග ලක්ෂණ ඇතුළත් වනවා.

ආසාදනය ඉක්මනින් දරුණු ශ්වසන රෝග සහ ස්නායු වෙනස්වීම් දක්වා වර්ධනය විය හැකි බවයි පැවසෙන්නේ.

මේ අතර වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙල්බර්න් නගරයට බටහිර දෙසින් පිහිටි මෙරෙඩිත් අසල ගොවිපලෙහි වෛරසය පවතින බව පූර්ව පරීක්ෂණ මගින් තහවුරු කර ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා එහි සතුන්ගේ සාම්පල ජීලොන්ග්හි රෝග සූදානම පිළිබඳ ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය වෙත යවා ඇති අතර ගොවිපළ නිරෝධායනය යටතේ පවතිනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »