අද (22) මෙල්බන්හි රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි

මෙල්බන් හි සවුත් මොරන්ග් ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

මොටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබුවන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුව ද එක් අයෙක් එම අවස්ථාවේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අනතුරට ලක්වූ වාහනයේ රියදුරා බව සඳහන්.

අනෙක් වාහනයේ රියදුරු, සවුත් මොරන්ග් ප්‍රදේශයේ 37 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ තත්බය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණිය ද බේරා ගැනීමට පෙර එක් අයෙක් මියගොස් සිටි බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු සොයා බලමින් සිටින අතර මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය වෙතොත් පොලිසියට දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »