ඖෂධ වර්ග කිහිපයක් ගැන ෆෙඩරල් රජයෙන් සීමාවක්

බර අඩු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන Ozempic වැනි දියවැඩියා ඖෂධවලට සමාන ඖෂධ නිෂ්පාදනය කිරීම ඖෂධවේදීන්ට තහනම් කරන බව ෆෙඩරල් රජය අද නිවේදනය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් ප්‍රකාශ කළේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙලෙස සමාන ඖෂධ නිපදවීම තහනම් කරන බවයි.

දැනට පවතින රෙගුලාසි යටතේ සාමාන්‍ය වෙළඳ නාම යටතේ එන ඖෂධ හිඟ වූ විට ඒවා නීත්‍යානුකූලව ප්‍රතිනිෂ්පාදනය කිරීමට ඖෂධවේදීන්ට අවසර පවතිනවා.

කෙසේවෙතත් එම ඖෂධ භාවිතයෙන් ඇතැම් රෝගීන් දරුණු වමනය සහ ස්නායු ආබාධ වැනි අතුරු ආබාධ වාර්තා කිරීමෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ප්‍රසිද්ධ සන්නාමගත නිෂ්පාදනවල හිඟයක් හේතුවෙන් අවම වශයෙන් ඕස්ට්‍රේලියාවේ පුද්ගලයින් 20,000ක් පමණ මෙලෙස අනුකාරක ලෙස නිෂ්පාදිත ඖෂධ භාවිතා කරන බවට හෙළිවී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඔස්ට්‍රේලියානුවන් අනතුරෙන් ආරක්ෂා කිරීමට සහ ජීවිත බේරා ගැනීමට මෙම තහනම අවශ්‍ය බවයි.

ඔස්ට්‍රේලියානුවන්ට තමන් භාවිතා කරන ඖෂධ පිළිබඳව විශ්වාසයක් ඇති කර ගත හැකි විය යුතු වීම මෙරට රජයේ ප්‍රමුඛතාවයක් බවද ඔහු ප්‍රකාශ කළා.

සමාජ මාධ්‍යවල ප්‍රවර්ධනය සහ භාවිතා කරන ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ කටකතා හේතුවෙන් පසුගිය දිනවල බර අඩු කිරීමේ ප්‍රතිකාරයක් ලෙස Ozempic ඖෂධයේ ජනප්‍රියතාවයට හේතු වී තිබු බව සඳහන්.

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »

වික්ටෝරියාවේ Gellibrandහි ඇවිදින මංතීරුවක අබිරහස් මළ සිරුරු දෙකක්

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ඇවිදින මංතීරුවක තිබී හමු වූ පුද්ගල මළ සිරුරු දෙකක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »