මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

මේ අතර යානයෙදී මියගිය පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය වී ඇති අතරමෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.

ගුවන් යානය තුළ ඇතිවූ මෙම කැලඹිලිසහගත තත්ත්වය හේතුවෙන් තවත් ගුවන් මගීන් 71 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මැලේසියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය සහ අයර්ලන්තය යන රටවල පුරවැසියන් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් ගුවන් මගීන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේ එම යානයේ මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිට ඇති බව සදහන්.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම තත්ත්වයෙන් පසුව බොයිං වර්ගයේ මෙම ගුවන් යානය බැංකොක් වෙත හරවා යවා ඇති බවයි.

ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගොඩබෑමට මිනිත්තු 10කට පෙර මෙම අනතුර සිදුව තිබුණා.

මගීන් 211 දෙනාගෙන් 131 දෙනෙකු පසුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් වෙනත් යානයකින් ගමනාන්තය වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එක් විනාඩියක් තුළ මෙම ගුවන් යානය අඩි 6000ක් පමණ ගුවනේදී පහතට වැටී ඇති අතර එමගින් ඇතිබූ කැළඹීමෙන් මෙම අනතුර සිදුව තිබුණා

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »