ගංජා භාවිතා කර රිය ධාවනයට අවසර දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ සූදානමක්

ලොව ප්‍රථම වරට වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය ගංජා භාවිත කර රියධාවනය සදහා අවසර දීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම්වනවා.

මෙම වැඩසටහන සදහා වික්ටෝරියා රජය ඩොලර් මිලියන 4.9ක් ආයෝජනය කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

2016 දී ඖෂධීය ගංජා භාවිතය නීතිගත කළ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය ද වික්ටෝරි ප්‍රාන්තය වනවා.

ඒ අනුවයි ලොව ප්‍රථම වරට ඖෂධීය ගංජා භාවිත කර රිය ධාවනය කිරීම අත්හදා බැලීමට ප්‍රාන්තයේ බලධාරීන් සූදානම් වන්නේ.

මෙවර ප්‍රාන්ත අයවැයෙන් ඊට අදාළ ප්‍රතිපාදන සම්පාධනයට පියවර ගන්නා බවද සදහන්.

සංවෘත ධාවන පතයක දී මෙම පරීක්ෂණය සිදු කරන අතර රිය පැදවීමේදී වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද ගංජා ප්‍රමාණයක් භාවිත කර එහි බලපෑම අත් හදා බැලීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ සදහා ස්වින්බර්න් තාක්ෂණ විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගෙන ඇති බව ප්‍රාන්ත රාජ්‍ය අගමැති ජසින්ටා ඇලන් සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය මෙලිසා හෝර්න් තහවුරු කර තිබුණා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇලන් සදහන් කළේ තම රජය යටතේ, ඖෂධීය ගංජා සඳහා ප්‍රවේශය නීතිගත කළ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය වික්ටෝරියා වන අතර ලෝකයේ පළමු ආරක්ෂිත රිය ධාවනය අත් හදාබැලීමද වික්ටෝරියා ප්‍රාන්තයෙන් වීම විශේෂත්වයක් බවයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »