ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයන සීමාවන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරයි! – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයන සීමාවන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරයි!

ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ආනයන සීමාවන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරයි!

මේ වන විට වාහන ආනයන සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අපනයන හා ආනයන අතර ගෙවුම් ශේෂය වැඩිදියුණු වී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන තහනම තවදුරටත් ඉදිරියට ගෙන යන බව ශ්‍රී ලංකා බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පැවසීය.

2020 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පෞද්ගලික වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 0.5 ක් වැය කර ඇති අතර එය 2019 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 83.9 හා සැසඳීමේදී 99.5% ක අඩුවීමකි.

2020 වර්ෂය සඳහා ආනයනය කරන ලද පුද්ගලික වාහන සඳහා ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් 282.9 ක් වැය කර ඇති අතර එය 2019 වසරට සාපේක්ෂව 65.3% ක අඩුවීමකි.

2020 සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා වන මුළු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 16,055.4 ක් වන අතර එය 19.5% ක අඩුවීමකි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS