ඔස්ට්‍රේලියානුවන්ගේ නිධන්ගත රෝග ගැන අලුත් අනාවරණයක්

සෑම ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු කුමන හෝ නිධන්ගත රෝගයකින් පෙළෙන බව නවතම අධ්‍යනයකින් අනාවරණ කරගෙන තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එළිදැක්වු නවතම වාර්තා අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ නිධන්ගත රෝග අතර කොන්දේ ආබාධ, ආතරයිටිස්, මානසික සහ චර්යාත්මක ආබාධ පොදු තත්වයන් ලෙසයි සැළකෙන්නේ.

පුළුල් පරාසයක සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ දත්ත රැස් කර ඇති අතර ඇදුම රෝගීන් මිලියන 2.8 වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් අතර පිළිකා රෝග අවධානම සැළකීමේ දී පුද්ගලයන් 50 දෙනෙකුගෙන් එක් අයෙකුට පිළිකා අවදානමක් පවතින බව සොයා ගැනීම විශේෂත්වයක්.

පිළිකා ඇති පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට සමේ පිළිකා ඇති අතර වාර්තා වූ වැඩිම පිළිකා වර්ගය චර්ම පිළිකා බව සඳහන්.

කාන්තාවන්ට වඩා පිරිමින්ට පිළිකා ඇතිවීමේ සම්භාවිතාව තරමක් වැඩි බවද එහිදී හෙළිවී තිබෙනවා.

පුද්ගලයන් විසි දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව වැළඳී ඇති අතර පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ දියවැඩියා අනුපාතය සමාන බව ද සඳහන්.

මේ හා සමානව ඔස්ට්‍රේලියානුවන් විසි දෙනෙකුගෙන් එක් අයෙකුට හෘද අබාධ පවතින බව පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »