මෙල්බන් හි හොලිඩේ ඉන් හෝටලය හා සම්බන්ධ කොරෝනා සිද්ධීන්ට​ හේතුව වෛද්‍ය උපකරණයක් බවට උපකල්පනයක්!

මෙල්බන් හි හොලිඩේ ඉන් හෝටලය හා සම්බන්ධ කොරෝනා ආසාදිතයින් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇති අතර, හෝටලයේ රැඳී සිටි තිදෙනෙකුගේ පවුලක් ද ඊට​ ඇතුළත් වන අතර, ඉන් එක් අයෙකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටී.

මේ වන විට වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම එක්සත් රාජධානියේ වෛරසය එක් එක් පුද්ගලයාට පැතිරෙන්නේ කෙසේදැයි විමර්‍ෂණ ආරම්භ කොට ඇත.

වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton උපකල්පනයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ නෙබුලයිසර් නමින් වෛද්‍ය උපකරණයක් හා සම්බන්ධ වූ නිරාවරණ සිදුවීමක් නිසා මෙලෙස වයිරස් අංශු හෝටලය පුරා ව්‍යාප්ත වී ඇති බවට සැක කරන ලෙසයි.

මෙලෙස වයිරස් අංශු ඔවුන් සිටි හෝටල් කාමරයේ පිටත කොරිඩෝව පුරා විසිරී ඇති බැවින් කලින් වාර්තා වූ හෝටල් නිරෝධායන සේවකයා, ආහාරපාන සපයන සේවකයා සහ අනෙක් සංචාරකයා යන සියලුම කොරෝනා ආසාදිතයින් හට බෝවී ඇති බවට​ තමන් විශ්වාස කරන බව Sutton පැවසීය.

නෙබුලයිසර් අයත් වන්නේ දැඩි සත්කාර ඒකකයේ සිටින පවුලේ සාමාජිකයාට ය. ඔවුන් හට​ඕස්ට්‍රේලියාවෙන් පිටතදී කොරෝනා ආසාදනය​ වී ඇතැයි විශ්වාස කෙරේ.

දැන් එම හෝටලයම වසා දමා ඇති අතර දැඩි පිරිසිදු කිරීමකට එය ලක් කොට ඇත​.

මෙල්බර්න් හි වයඹ දෙසින් පිහිටි Sunbury හි පාසල් දෙකක් ද වසා දමා ඇත්තේ ප්‍රදේශයේ නිරාවරණ ස්ථාන අඛණ්ඩව වර්ධනය වන හෙයිනි. Salesian College සහ St Anne’s Primary School යන පාසල් දෙක අද දින සියලු සිසුන්ට සහ කාර්‍ය මණ්ඩලය සඳහා වසා දමා ඇත​.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »