ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින් එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.

කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික ආයතන, එහි නියෝජිතවරුන් සහ නීතිඥවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලවලට සම්බන්ධව නියෝජිතවරුන් සහ නීතිඥවරුන් රැසක් Aus Lanka TV ආයතනය විසින් සංවිධාන කරනු ලබන Aus Lanka TV Education Migration Expo වැඩසටහනට එක්වනවා.

Student Visa, Sponsor Visa, Skilled Visa සහ අනෙකුත් වීසා කාණ්ඩ ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ සඳහා මාර්ගය සලසා දීමට මෙහිදී සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම මෙම වැඩසටහනට පැමිණෙන ආයතන විසින් ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි සියලුම නිවැරදි ක්‍රම සහ දැනුවත් කිරීම් ද ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සූදානමින් පසුවනවා.

නිවැරදි විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීම, පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ඇති නිවැරදි පාඨමාලාවක් තෝරා ගැනීම, ශිෂ්‍යත්ව සඳහා අවශ්‍ය සුදුසුකම් පෙන්වා දීම සහ එම ශිෂ්‍යත්ව වෙත යොමු කිරීම, විශ්ව විද්‍යාල තෝරා ගැනීම සහ ඊට එක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද පැහැදිළි කර දීම, මූල්‍ය අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම, Work Visa සඳහා අවශ්‍ය Sponsor සම්බන්ධ කර ගැනීමේ නිවැරදි මාර්ගය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරෙනවා.

එදිනට මෙම සියලු සේවාවන් සපයනු ලබන්නේ නොමිලේ වන අතර Aus Lanka TV මාධ්‍ය ආයතනය ඒ ආකාරයෙන් වසර ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ආයතනයක්.

මේ දිනවල ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී විශාල පිරිසක් වංචනික ක්‍රියාවලට හසුවන බැවින් නිවැරදි මාර්ගයකින් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ඔවුන්ට දැනුම ලබාදීම අරමුණු කර ගනිමිනුයි Aus Lanka TV මාධ්‍ය ජාලය Aus Lanka TV Education Migration Expo සැලසුම් කර ඇත්තේ.

324-10 Havelock Rd, Colombo 5 හි පිහිටි Havelock City Mall හිදී මැයි මස 4 වනදා පෙරවරු 9 සිට සවස 5 දක්වා පැවත්වෙන මෙම වැඩසටහන මගින් සම්පුර්ණයෙන්ම නොමිලේ සේවාවන් ලබාදීම විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩිදුර තොරතුරු 077 3712100 අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »