පිළිකා රෝගය හේතුවෙන් මියයන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව සියයට 45කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රථමවරට පිළිකා මර්දනය සදහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි ෆෙඩරල් රජයේ අවධානය යොමුව ඇත්තේ.
පිළිකා අවධානම අතින් ඔස්ට්‍රේලියාව ඉහළ ස්ථානයක පසුවන අතර සෑම ඔස්ට්‍රේලියානුවෙකු සඳහාම ප්‍රතිකාරවලට සමාන අවස්ථා ඇති කිරීම ජාතික සැලැස්මෙහි අරමුණයි.
දස අවුරුදු සැළැස්මක් යටතේ අදාළ උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පිළිකා අවදානම පාලනය කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කර ඇත්තේ වසරේ ගත වූ කාලසීමාව තුල පිළිකා රෝගීන් 164000 කට වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාව තුලින් හඳුනා ගෙන ඇති බවයි.
කිසිදු භේදයකින් තොරව පහසුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීමට ද ජීවත හානිය අවම කිරීමට ද ජාතික පිළිකා මර්දන උපාය මාර්ගික සැලැස්මට හැකියාව පවතින බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ.