37 වැනි මෙල්බර්න් ජාත්‍යන්තර Comedy Festivalහි ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මාසයක් පුරා පැවති මෙම තරඟාවලිය සදහා රටවල් රැසක් නියෝජනය කරමින් තරඟකරුවන් මෙල්බන් වෙත පැමිණ සිටි බව සඳහන්.
එහි පළමු ස්ථානය බ්‍රිතාන්‍ය හාත්ස්‍යෝපාදක සාරා කීවර්ත් හිමිකර ගත් අතර ඔහුගේ තේමාව වූයේ My Eyes Are Up Here යන්නයි.
බ්‍රිතාන්‍ය, එස්ටෝනියාව, ඉන්දියාව සහ නවසීලන්තය නියෝජනය කරමින් තරඟකරුවන් රැසක් මේ සඳහා සහභාගී වී තිබෙනවා.
විනිශ්ච මණ්ඩලයේ සහ ජනතා ප්‍රසාධය මත මෙම ජයග්‍රාහි කොමදී තරුව තේරී පත්වූ අතර විනිවිධභාවයෙන් යුත් ප්‍රතිපල කාගේත් ඇගයීමට පත්වුණා.
මේ අතර මෙම ප්‍රසංගයෙන් තමාට තම දරුවා සමග ඉවත් වන ලෙසට සංවිධායකයින් පැවසීම හමුවේ තමාට නින්දාවක් සිදු වූ බවට කාන්තාවක් පාවසනවා.
කුඩා බිලිඳෙකුට මව්කිරි දෙන මවක් වූ ඇය පැවසුවේ සති අන්තයේ මෙල්බර්න් ප්‍රහසන සංදර්ශනයෙන් තමා නෙරපා හැරීමෙන් තමාට නින්දාවක් වූ බවට හැඟෙන බවයි.
ජනප්‍රිය විකට නළු අර්ජ් බාර්කර් ඇතීනියම් රඟහලේ සංදර්ශනය කරමින් සිටියදී ළදරුවෙකුගේ කෑ ගැසීම වෙත පිරිසගේ අවධානය යොමු වීම හේතුවෙනුයි එම මවට බිලිඳා සමග ඉවත් වීමට දැනුම් දී ඇත්තේ.
මෙවැනි උත්සව අවස්ථාවලට කුඩා බිළිඳුන් රැගෙන ඒමට අවස්ථාව හිමි වුව ද එම මව්පියන්ට සංවිධාකයන් උපදෙස් දී ඇත්තේ දරුවන් හැඬුව හොත් පහසුවෙන් එම ශාලාවෙන් ඉවතට යා හැකි ස්ථානයක අසුන් ගන්නා ලෙසටයි.
එවිට කලාකරුවාට සහ අනෙකුත් ප්‍රේක්ෂකයින්ට බාධා නොවන පරිදි කටයුතු කළ හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.