Search

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

එම මධ්‍යස්ථානයේ වු පහසුකම් තවදුරටත් අවශ්‍ය අරමුණ සඳහා සුදුසු නොවන බව අනාවරණ වීමෙන් පසු ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශ 33කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

බහුතරයක් රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ යොන්ගා හිල් සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථාන තුළ තමන්ට අනාරක්ෂිත බවක් හැඟෙන බවයි.

මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශ 33න් 20කට පමණක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එකඟ වී තිබෙනවා.

තවත් නිර්දේශ 7ක් සඳහා කිසිසේත් එකඟ නොවන බව එම දෙපාර්තමෙන්තුව නිවේදනය කර ඇති අතර පිළිගත් නිර්දේශ ද නැවත වැඩිදුරටත් සලකා බැලිය යුතු බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

යොංගා හිල් සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයෙහි දින දෙකක් තුළ සිදු කළ පරික්ෂණයකින් පසුව මානව හිමිකම් කොමිසම මෙම වාර්තාව නිකුත් කර තිබුණා.

මෙම මධ්‍යස්ථානයේ පිරිමි පුද්ගලයින් 170ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වීසා බලපත්‍ර අවලංගු කර තිබීම හේතුවෙන් මෙහි රඳවා ඇති බවයි හෙළිව ඇත්තේ.

තවත් 28 දෙනෙකු නීති විරෝධී ලෙස බෝට්ටු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි අය බව සඳහන්.

ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත්තේ මෙහි සිටින රැඳවියන්ගේ හා කාර්යමණ්ඩලයේ ආරක්ෂාව කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බවයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »