Search

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

ඒ අනුව දරුවන්ට අතවර කිරීම, බාධා කිරීම, පහරදීම, බැන වැදීමට සහ බලපෑම් කිරීමට කිසිදු පුද්ගලයෙකුට අවස්ථාව හිමිවන්නේ නැහැ

Auslanka TV current affairs වැඩසටහනට එක්වෙමින් නීතිඥ මදූ වර්ණකුලසූරිය සඳහන් කළේ මෙවැනි කුමන හෝ හිංසනයකට ඔස්ට්‍රේලියානු දරුවෙකු ලක්වුව හොත් ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියානු නීතිය තදින්ම ක්‍රියාත්මක වන බවයි.

මෙලෙස දෙමාපියන් හෝ වැඩිහිටියන් අතින් දරුවන් හිංසනයට ලක්වන්නේ නම් එම දරුවන්ටද සෘජුව නීති ආයතනවල සහාය ලබා ගැනීමට අවස්ථාව පවතිනවා.

දෙමාපියන්ගේ පෞද්ගලික ආතතිය දරුවන්ට බැනීමෙන් හෝ තරවටු කිරීමෙන් පිටකිරීමට කිසිදු ඉඩක් ඔස්ට්‍රේලියානු නීතිය යටතේ හිමිවන්නේ නැහැ.

දෙමාපියන්ගේ කාර්‍යබහුලතාව හේතුවෙන් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධතාව ගිලිහි ගොස් තිබීම හේතුවෙන් දරුවන්ව නොදැනුවත්වම නොසලකා හැරීමට ලක්වන බව ද හඳුනාගෙන තිබෙනවා.

දරුවන් නිවෙස්වලින් පිටව යෑමටත් ඇතැම් අවස්ථාවලදී තම දිවි තොර කර ගැනීමටත් සිතුවිලි පහල වන අතර ඔස්ට්‍රේලියාවේ වෙසන සියලුම දෙමාපියන් තම දරුවන් හා කටයුතු කිරීමේදි නිසියාකාරව සැලකිය යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »