
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහි අපරාධ මැඩලීම ඉලක්ක කරගත් මෙහෙයුමකදී ආයුධ 50කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහෙයුම පස්වරු 1 සිට අලුයම 1.30 දක්වා ප්‍රාන්තය පුරා නිලධාරීන් 800කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගෙන ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.
එහිදී ආයුධ 51ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පුද්ගලයන් 145 දෙනෙකුට ආයුධ සම්බන්ධ වැරදිවලට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි 170ක්, මාර්ග නීති උල්ලංඝනය කිරීම් 1065 ක් ද පොලිසිය විසින් ගණනය කර ඇති බව සඳහන්.
රහස් පරීක්ෂක අධිකාරී ඩැරන් නිව්මන් පැවසුවේ ඔපරේෂන් ෆොයිල් මෙහෙයුමේ අරමුණ සාමාන්‍ය ජන සමාජයෙන් තහනම් ආයුධ ඉවත් කර ප්‍රජාව ආරක්ෂිත කිරීම බවයි.

පිහි අපරාධ කෙරෙහි අවධානය යොමු කිරීමට සහ භයානක ආයුධ මගින් අපරාධ සිදු කළ හැකි පුද්ගලයන් අතින් එම ආයුධ ඉවත් කිරීමට ෆොයිල් මෙහෙයුම ස්ථාපිත කළ බව ද ඔහු පෙන්වා දෙනවා.
සාධාරණ හේතුවක් නොමැති නම් පිහියක් රැගෙන යාම නීති විරෝධී වන අතර පිහියක් සතුව ඇති අයෙකු කිසියම් පුද්ගලයෙකු තුවාල ලබන හෝ මියගිය ආරවුලකට සම්බන්ධ වුවහොත් සැලකිය යුතු සිර දඬුවමකට මුහුණ දිය හැකි බව ද ඔහු අවධාරණය කළා.