මෙල්බන් සාප්පු සංකීර්ණයකත් පිහි ඇනුමක්

මෙල්බර්න් මැරිබනොන්ග්හි හයිපොයින්ට් වෙළඳ සංකීර්ණයේ සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.

සිඩ්නිහි බොන්ඩායි ජන්ෂන් පිහි ඇනුම සිදු වී සතියකට පසුවයි මෙල්බර්න්හි කාර්යබහුල සාප්පු මධ්‍යස්ථානයක දී මෙම පිහි ඇනුම සිදුවී ඇත්තේ.

ඊයේ පස්වරු 2.30ට පමණ මෙම පහරදීම සිදු වී ඇති අතර පිහි ප්‍රහාරයට ලක්වූ තරුණයාගේ උඩුකය ප්‍රදේශයට තුවාල සිදුවී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

සාප්පු සංකීර්ණයේ ආපනශාලාවක් අසලදී පිහි ඇනුම සිදුවී ඇති අතර තුවාලකරුට ගිලන් රථ වෛද්‍යවරුන් විසින් මූලික ප්‍රතිකාර ලබාදී රෝහලට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ රොසමන්ඩ් පාරේ අවන්හලක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පිහි ඇනුම සිදුවී ඇති බවයි.

එම ස්ථානයෙන් පලා ගිය ප්‍රහාරකයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ සිදු කරනවා.

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »