පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස්, විපක්ෂ නායක පීටර් ඩට්න් මෙන්ම නිව් සවුත්වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටි බව සඳහන්.

ඝාතකයාට වෙඩි තබා සාප්පු සංකීර්ණයේ සිටි පිරිසගේ ජීවිත බේරාගත් පොලිස් පරීක්ෂක ඇමි ස්කොට් ද පැමිණ සිටි පිරිසට අයත්.

මෙම සිද්ධියෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් පස් දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ මාස නවයක් වයසැති දැරිය සැත්කමකින් ද පසු ප්‍රතිකාර ලබා ඊයේ රෝහලේ සිට නිවසට රැගෙන ගොස් තිබෙනවා.

මෙම අවස්ථාවට එක් වූ ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් වින්දිතයින්ගේ පවුල් අමතමින් සඳහන් කළේ අහිංසක ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වීම ගැන රටම ශෝක වන බවයි.

ටයිටැනික් බලන්න යන්න ප්‍රකෝටිපතියෙකුගෙන් තවත් සබ්මැරීනයක්

මුහුදුබත් වී ඇති සුප්‍රකට නෞකාවක් වන ටයිටැනික් වෙත ගමන් කිරීම සඳහා නව සබ්මැරීනයක් නිර්මාණය කිරීමට ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු සැලසුම් කර තිබෙනවා.

Read More »