ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

ද්විත්ව එන්ජින් සහිත මෙම හෙලිකොප්ටර් යානා ටෝකියෝ නගරයට දකුණින් කිලෝමීටර් 600ක් දුරින් පිහිටි දූපත් කලාපයේ පුහුණුවක යෙදී සිටියදි අනතුරට ලක්වූ බවයි ජපාන බලධාරීන් සඳහන් කළේ.

ආරක්ෂක අමාත්‍ය මිනෝරු කිහාරා පැවසුවේ අනතුරට හේතුව නොදන්නා අතර සබ්මැරීනවලට එරෙහි මෙහෙයුම් සඳහා අභ්‍යාස කරමින් සිටියදි අනතුරට ලක්ව ඇති බවයි.

ඒ අවට මුහුදු තීරයේ වෙනත් ගුවන් යානා හෝ යාත්‍රා නොතිබූ බැවින් සිද්ධියට වෙනත් රටක සම්බන්ධයක් ඇතැයි සැකයක් නොමැති බව නාවික හමුදාව සඳහන් කර තිබෙනවා.

ගුවන් යානයේ සිටි අය අතර ආත්මාරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු වන ලුතිනන් ජෙනරාල් යුචි සකමොටෝ ද වූ බව සඳහන්.

අනතුරින් මියගිය එක් හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති අතර අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ජපානය සඳහන් කර තිබෙනවා.

අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර හෙලිකොප්ටර් යානා දෙක එකිනෙක ගැටීමෙන් කඩා වැටෙන්නට ඇති බවටයි සැක මතුවී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »