Search

මාර්ග අනතුරුවලින් මියයන සංඛ්‍යාව අවම කරන්න වැඩසටහනක්

මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව 2030 වසරේදී සියයට පනහකින් අඩු කිරීම අරමුණ බව ඔස්ට්‍රේලියානු රජය පවසනවා.

ඒ සඳහා ප්‍රාන්තවලට මූල්‍යාධාර සැපයීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.

එහෙත් මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව වැඩි වී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අනතුරු අවම කර ගැනීම සඳහා විශේෂඥ සහාය ලබා ගැනීම රජයේ වගකීමක් බව ඔස්ට්‍රේලියා ඔටෝ මොබිල් කළමනාකාර අධ්‍යක්ෂ මයිකල් බ්‍රැඩ්ලි සඳහන් කළා.

මාර්ග ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයන් මිය යාම කෙරෙහි අවධානය යොමු කරන මෙල්බන් විශ්ව විද්‍යාලයේ නාගරික ප්‍රවාහන සහ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මාක් ස්ටීවන්සන් කියා සිටින්නේ රථවාහන වේගයෙන් ධාවනය කිරීම අනතුරු වැඩි සංඛ්‍යාවකට හේතුව බවයි.

රියදුරන් දහසකගේ පමණ දත්ත ලබාගෙන ඇති අතර වේගය සීමා කිරීමට උපදෙස් ලබා දුන්නද එය සිදු නොවන බව ඔහු පෙන්වා දෙනවා.

වේගය, රියදුරන්ගේ වෙහෙස, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය අනතුරු රැසකට හේතුවී ඇති අතර එම හේතු අවම කිරීමෙන් රජයේ ඉලක්ක වෙත ළඟාවිය හැකි බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »