Search

ඔස්ට්‍රේලියාවේ රථ වාහන ගාල් කිරීම පහසු කරන්න අලුත් වැඩක්

දිගින් වැඩි වාහන නතර කිරීම සඳහා ප්‍රමිතියෙන් යුත් රථ ගාල් පුලුල් කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා ඕනෑම ආකාරයක විශාල වාහන නැවැත්වීම සඳහා පවතින ඉඩකඩ තවදුරටත් පුලුල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රථගාල්වල සම්මත දිග මීටර් 5.6ක් දක්වා තවදුරටත් පුලුල් කිරීමට නියමිත අතර එම යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබාද ගැනීමට ද නියමිතයි.

ජනතාව වැඩි වශයෙන් බර වාහන මිලදී ගැනීමට කැමැත්ත දක්වන අතර බාධාවකින් තොරව තම වාහන ආරක්ෂිතව ගාල් කිරීමට නව වැඩපිළිවෙළ යටතේ අවස්ථාව හිමිවනු ඇති.

අදාළ යෝජනා මේ වන විට කෙටුම්පත් කරමින් පවතින අතර රථ ගාල් පුලුල් කිරීමේ දී වාහනවල දිග පමණක් නොව බර පිළිබඳව ද සැලකිල්ලට ගැනීම වැදගත් බවයි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයන්ගෙන් පිටත මෙන්ම කඩසාප්පු ඉදිරිපිට පවතින රථ ගාල් ද පුලුල් කිරීමට නියමිතයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »