
සිඩ්නිහි නරක අතට හැරෙමින් පවතින ආහාර අනාරක්ෂිත භාවය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ආහාර ගැනීමෙන් වැළකී සිටීම හමුවේ දිගු කාලීන සෞඛ්‍ය ගැටලු පිළිබඳ අවදානමක් මතුව තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ ඇතැම් පවුල් එකක සතිපතා වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා නව උපාය මාර්ගවලට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
නැවුම් එළවළු මිලදී ගැනීමට වඩා ශීතකරණ වල ගබඩා කර ඇති එළවළු මිලදී ගැනීමට ඔවුන් කටයුතු කරන අතර දෙමව්පියන් ආහාර වේල් දෙකකින් සෑහීමකට පත්වී දරුවන්ට නිසි පරිදි අහාර ලබාදෙන බවට හෙළිවී තිබෙනවා.

මෙවැනි ක්‍රමවේද මගින් ඔවුන් තම ජීවන වියදම් කළමනාකරණය කර ගන්නා අතර ඉහළ යන ජීවන වියදම හමුවේ නිවාසවල අවශ්‍යතාවල සිට සිල්ලර බඩු සහ ඉන්ධන වැනි සියලු වියදම් එමගින් ආවරණය කර ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ.
2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් ආහාර ලබා ගැනීමට අරගල කළ බව ආහාර පුණ්‍යායතනය වන Foodbank ප්‍රකාශ කළා.

ආහාර මිල ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් පවතින ගැටලුවන් වන අතර ඇතැම් පවුල් ඒකකවලට නැවුම් ආහාර සැපයීම සහ පිරිවැය දක්වා දැනටමත් බාධකවලට මුහුණ දී ඇති බව සඳහන්.
ආහාර සුරක්ෂිතතාව අඩුවීම දිගුකාලීන සෞඛ්‍ය ගැටළු සඳහා හේතුවක් වන අතර එමගින් සිඩ්නි අවට දැනටමත් පවතින සෞඛ්‍ය ගැටලු වඩාත් නරක අතට හැරිය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.