අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

මෙම අරමුදල් ඉලක්ක කරගත් වංචාවන් විශාල ලෙස ඉහළ යාමෙන් පසු ඔස්ට්‍රේලියානුවන්ට තම ගිණුම් පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරන ලෙසටයි අනතුරු අඟවා ඇත්තේ.

අවෙයාර් සුපර් ආයතනය (Aware Super) පවසන්නේ පසුගිය මාස හය තුළ වංචා කිරීමට උත්සාහ කිරීම් සියයට 208කින් වැඩි වී ඇති බවයි.

මේ හේතුවෙන් තම අනාගතය ආරක්ෂා කර ගැනීම සඳහා සුපරීක්ෂාකාරීව සිටින ලෙස මිලියන 1.1ක් වන සාමාජිකයින්ගෙන් ඔවුන් ඉල්ලා තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විශ්‍රාම වැටුප් ඉලක්ක කර ගැනීමේ වංචනික ක්‍රියා ඉහල යමින් ඇති බවයි Aware Superහි මූල්‍ය අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සැමුවෙල් පැස්කෝ ප්‍රකාශ කළේ.

අපරාධ කණ්ඩායම් වැඩිහිටි පුද්ගලයින් ඉලක්ක කිරීමට වැඩි ඉඩක් පවතින අතර අමතක වීම හේතුවෙන් එම ගිණුම් හිමියන් වැඩි අවදානමකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් තම අරමුදල පිළිබඳ නිරන්තර සොයා බැලීම, එහි කොපමණ මුදල් ප්‍රමාණයක් තිබේදැයි දැන ගැනීම මෙන්ම ඒ පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටීම වැදගත් වන බවයි ප්‍රවීණයන් පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »