
මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.
එම වීඩියෝව හේතුවෙන් ඇය කෙටි වේලාවක් තුල සමාජ මධ්‍යයේ ලොව වඩාත්ම ජනප්‍රියම කාන්තාවක් බවට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.
දෙතොල් සහ මුහුණේ ඉරියව් වෙනස් කරමින් සිදු කළ මෙම විඩියෝව ලොව පුරා මිලියන 729ක නැරඹුම්වාර සංඛ්‍යාවක් පසුකර තිබෙනවා.

එම විඩියෝවට මේ වන විට ලයික්ස් මිලියන 66කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන්.
මෙය අහඹු සිදුවීමක් වන අතර ඇගේ වීඩියෝව ලොව පුරා ටික්ටොක් පරිශීලනය කරන තරුණයින් අතර වඩාත් ජනප්‍රිය බව සඳහන්.

ලෙයා නම් 22 හැවිරිදි මෙම තරුණිය ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ කැපී පෙනන චරිතයක් වුවද ඇගේ වීඩියෝවක් මෙලෙස ජනප්‍රිය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
අදාළ ටික්ටොක් විඩියෝව තත්පර 12ක් වැනි කෙටි කාලයක් දිවෙන එකක් වන අතර එය මේ දින වල වඩාත් ජනප්‍රිය ටික්ටොක් විඩියෝව ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.