Search

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

මිලිමීටර් 100 ක වර්ෂාපතනයක් ඇද හැලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කිරීමටයි කාලගුණ අංශය පියවර ගෙන ඇත්තේ.

විශේෂයෙන් ප්‍රාන්තයේ ගිනිකොන දෙස ප්‍රදේශවලට මිලිමීටර් 100ක් වැසි වැටීමේ හැකියාව ඇති අතර අනෙක් ප්‍රදේශවලට මිලිමීටර් 80ක පමණ වර්ෂාවක් ඇද හැලෙනු ඇතැයි අපේක්ෂිතයි.

කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් සන්ෂයින් කෝස්ට් ඇතුලු ප්‍රදේශ සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් මෙන්ම තද සුළං අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

වර්ෂාව හෙට දිනය දක්වා පවතිනු ඇති අතර සන්ෂයින් කෝස්ට් අවට මුහුදේ දිය නෑමට හෝ පිහිනිමෙන් වළකින ලෙසට ද කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම් දෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »