මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඉන් 6 දෙනෙකුම මරණයට පත්වුණේ බොන්ඩායි ජන්ෂන් හි කාර්යබහුල සාප්පු මධ්‍යස්ථානයක සිදු වූ පිහි ඇනුමෙන්.

සිඩ්නි නගරයේ මීට පෙර මෙවැනි දෙයක් සිදු නොවූ බවයි වෙස්ට්ෆීල්ඩ් නගරයෙන් පිටත රැස්ව සිටි කම්පනයට පත් ජනතාව ප්‍රකාශ කළේ.

එමෙන්ම ඊට දින දෙකකට පසු සිඩ්නිහි උප නගරයක් වූ වේක්ලිහි දේවස්ථානයක ද පිහි ඇනුමක් සිදු වුණේ දේව මෙහෙයක් පවත්වමින් සිටි මාරි එමානුවෙල් බිෂොප්වරයා ඉලක්ක කර ගනිමින්.

මෙම ප්‍රහාර දෙක සම්බන්ධයෙන් මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු වුව ද සිඩ්නි හි වෙනත් ස්ථානවල ද තවත් පිහි ඇනුම් තුනක් සිදුවී තිබුණා.

බොන්ඩායි ජන්ෂන් ප්‍රහාරයට පෙර වෙරළ ආසන්නයේදී කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල වූ අතර එදිනම රාත්‍රියේ ඩූන්සයිඩ්හිදී පුද්ගලයන් දෙදෙනෙකුට කළ පිහි ඇනුමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් රෝහල් ගත කෙරුණා.

ඊට දිනකට සිඩ්නිහි නිරිත දෙසින් පිහිටි නිවසක සාදයකදී තවත් පිහි ඇනුමකින් තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබුණා.

මෙම සිදුවීම් තුලින් මාරාන්තික අපරාධ රැල්ලක් පෙන්නුම් නොකළ ද දශක ගණනාවක් පුරා ප්‍රචණ්ඩ පිහි අපරාධවල නැඹුරුවක් පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වන්නේ.

නිව්කාසල් විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාඥ ආචාර්ය සැන්ති මලෙට් පැවසුවේ ඇතැම් තරුණ කණ්ඩායම් අතර පිහි රැගෙන යාම සහ භාවිතය වැඩි වෙමින් පවතින බවයි.

පිහි අපරාධ දිගු කලක් තිස්සේ ගැටලුවක් වී ඇති අතර පිහි අපරාධ යනු ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා පවතින ගැටළුවක් බව නිව් සවුත්වේල්ස් පොලිස් කොමසාරිස් කැරන් වෙබ් සඳහන් කළා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව පිහි අපරාධ 2021 වසරේ පැවති සංඛ්‍යාව වූ 2089ට සාපේක්ෂව 2022 දී 2232ක් දක්වා තරමක් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර දින කිහිපයක සිදුවීම්වලින් පසුව පිහි අපරාධවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග සහ වඩාත් ක්‍රියාශීලී විසඳුම් හඳුන්වා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

පිහි සහ අනෙකුත් ආයුධ භාවිතය හෝ රැගෙන යාමට අදාළ වැරදි සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය දඬුවම් සමාලෝචනය කරමින් සිටින අතර නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ඇති.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »