Search

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

සමීක්ෂණයට සහභාගි වූවන් අතුරින් සියයට 23කට වැඩි පිරිසක් විශ්‍රාම ගැනීමේ දි ප්‍රමාණවත් මුදලක් හෝ ආයෝජනයක් ඉතිරි කර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ පිරිස අතුරින් සියයට 27ක් විශ්‍රාම ගැන්වීමේ දී දැනට ඉතිරි කර ඇති මුදල් ප්‍රමාණවත්වේ ද යන්න පිළිබද නිශ්චිත අවබෝධයක් නොමැති බව පරීක්ෂකයින් පෙන්වා දෙනවා.

මේ අතර විශ්‍රාම ගැන්වීමේ දී කාන්තාවන්ට වැඩි අවධානමක් පවතින බව හඳුනාගෙන ඇති අතර පිරිමි පාර්ශවයට සාපේක්ෂව සියයට 27කට වැඩි කාන්තාවන් ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබෙනවා.

විශ්‍රාම යන වයසේ පසුවන පිරිස් මෙලෙස දරිද්‍රතාවට පත්වීම කණගාටුවට කරුණක් බවයි ආර්ථික විශේෂඥ සාරා මෙගින්සන් පෙන්වා දෙන්නේ.

තරුණ වියේ සිට මුදල් ඉතිරි කරගනිමින් ඉහළ විශ්‍රාම වැටුපක් හිමිකර ගැනීමට අදාළ විශ්‍රාම වැටුප් යෝජනා වෙත ජනතාව දිරිගැන්වීමට ද සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »