Search

සිඩ්නි පිහි ඇනුම නිසා අද සවස විශේෂ වැඩසටහනක්

බොන්ඩායි ජන්ෂන් පිහි ඇනුමෙන් විපතට පත් වූවන් සිහි කර ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහනක් අද සවස පැවැත්වෙනවා.

වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමේදී විපතට පත් වූවන් වෙනුවෙන් ඉටිපන්දම් දැල්වීමට දහස් ගණනක් අද සවස රැස්වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ජොයෙල් කවුචි නම් 40 හැවිරිදි පුද්ගලයා පසුගිය සෙනසුරාදා කළ පිහි ඇනුමෙන් සාප්පු මධ්‍යස්ථානයේ සිටි කාන්තාවන් 5 දෙනෙකු ඇතුලු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අවසානයේදී නිව් සවුත්වේල්ස් පොලිස් පරීක්ෂක ඇමි ස්කොට් විසින් සැකකරුට වෙඩි තබා ඝාතනය කළා.

ඔහුගේ පිහි ප්‍රහාරය හේතුවෙන් මාස 9ක් පමණ වයසැති කුඩා බිළිඳියක් ඇතුලු 12 දෙනෙකු රෝහල් ගත කළ අතර ඉන් 6 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් සතියකට පසු විපතට පත්වූ ජීවිතවලට ගෞරව දැක්වීම සඳහාඅද සවස 5.30 ට පමණ ජනතාව දහස් ගණනක් බොන්ඩායි ජන්ෂන් හි උද්‍යානයකට රැස්වනු ඇතැයි අපේක්ෂිතයි.

පැමිණීමට අපේක්ෂා කරන ජනතාවගෙන් සංවිධායකයන් ඉල්ලා ඇත්තේ මල් රැගෙන ඒම වෙනුවට ඉටි පන්දම් රැගෙන ඒමට කටයුතු කරන ලෙසටයි.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »