මැද පෙරදිග ගැටුම් නිසා ඉන්ධන මිල ඉහළට?

මැදපෙරදිග පවතින ගැටුම මෙරට උද්ධමනයට බලපෑම් කළ හැකි බව ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා.

මැදපෙරදිග ගැටුම් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට සැබෑ තර්ජනයක් වන අතර ගෝලීය ඉන්ධන මිලෙහි ඕනෑම වැඩිවීමක් මෙරට පෙට්‍රල් මිලට ද බලපානු ඇති බවයි ඔහු කියාසිටියේ.

මේ අතර ගෝලීය ආතතීන් සහ චීනයේ මන්දගාමීත්වය වැනි සාධක මෙවර ෆෙඩරල් අයවැයට ඇති ප්‍රධාන තර්ජන වන බව ජිම් චාමර්ස් අනතුරු අඟවනවා.

මැදපෙරදිග ගැටුම් උත්සන්න වීමේ තර්ජනය ඔස්ට්‍රේලියාවේ ආර්ථික දැක්ම කෙරෙහි අවිනිශ්චිතතාවයක් මතු කර ඇති බව භාණ්ඩාගාරිකවරයා පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් සිය තුන්වන අයවැය ලබන මැයි 14 වනදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

වොෂින්ටන් නුවරදී G20 සාමාජිකයන් හමුවීමෙන් පසු ජිම් චාමර්ස් පැවසුවේ රජයට භාන්ඩ සහ ඉන්ධන මගින් ආදායම් වර්ධනය මත විශ්වාසය තැබිය නොහැකි අතර දේශීය ආර්ථිකය තුල ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට අවශ්‍ය බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »