මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සමග කාන්තාවන් 4ක් මෙල්බන් ගුවන්තොටුපලේදී කොටුවෙයි

කොකේන් කිලෝ 30ක් සමඟ කාන්තාවන් 4 දෙනෙකු මෙල්බර්න් ගුවන්තොටුපලේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සකකාරියන්ගේ ගමන් මලුවල තිබී ඩොලර් මිලියන 10ක් පමණ වටිනා කොකේන් තොගයක් හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට පත්වූවන් අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ ප්‍රධානියා ද වන බවට හෙළිවී තිබෙනවා.

ඔවුන්ගෙන් වයස අවුරුදු 22, 24 සහ 35 යන වයස්වල පසුවන ඇමරිකා එක්සත් ජනපද කාන්තාවන් තුන් දෙනෙකු අප්‍රේල් 12 වනදා ලොස් ඇන්ජලීස් සිට මෙල්බර්න් දක්වා පැමිණි ගුවන් යානයකින් ගමන් මලු තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 බැගින් සඟවා ගෙන පැමිණ තිබුණා.

අනතුරුව ඔස්ට්‍රේලියානු දේශසීමා බළකායේ නිලධාරීන් 41 අනෙක් සැකකාරිය පසුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ බලකාය වෙතින් ලැබුණු තොරතුරු අනුවයි.

මත්ද්‍රව්‍ය ආනයනය කිරීමට තැත් කිරීම, සැලසුම් කිරීම සහ අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 55 හැවිරිදි ඇමරිකා ජාතිකයෙකු ද පසුගිය 16 වනදා මෙල්බර්න් ගුවන්තොටුපළේදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙනවා.

කාන්තාවන්ට කොකේන් නමැති මත්ද්‍රව්‍ය ආනයනය කිරීම සහ කොකේන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වැරදි සඳහා වරදකරුවන වුවහොත් උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් වනවා.

ඔවුන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ලබන අගෝස්තු මස 5 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ රහස් පරීක්ෂක සිමෝන් බුචර් පැවසුවේ කොකේන් රට තුළ බෙදා හැරීම සිදු වූයේ නම් එහි වීදි වටිනාකම ඩොලර් මිලියන 10 කට ආසන්න බවයි.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »