ණයක් ගන්න මළ සිරුරක් රැගෙන බැංකුවට ගිය කාන්තාව

බැංකු ණයක් ගැනීම සඳහා මියගිය පුද්ගලයෙකු රැගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වෙනවා.

ණයක් ආපසු ගැනීම සඳහා තම මාමා යැයි පවසමින් මියගිය මිනිසෙකු රෝද පුටුවක නංවාගෙන ගිය සැකකාර කාන්‍තාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

රියෝ ද ජැනයිරෝ හි ඉටාව් බැංකු ශාඛාවක කවුන්ටරය අසල සිටි කාන්තාව රෝද පුටුවක සිටින වයෝවෘද්ධ මිනිසෙකුගේ හිසට අත තබා ඔහුගේ අතට පෑනක් ග්‍රහණය කර වීමට උත්සාහ කිරීමේ සිදුවීමක් CCTV දර්ශන මගින් හෙළිවී තිබුණා.

ඊට අදාළ විඩියෝ දර්ශන ද සමාජ මාධ්‍යයට නිරාවරණය කර ඇති අතර අදාළ සැකකාර කාන්තාව ඩොලර් 3000 ණයක් ලබා ගැනීමට මෙලෙස උත්සහ කර ඇතැයි සඳහන්.

මියගිය පුද්ගලයාගේ නමට ණය මුදල ලබා ගැනීම අවශ්‍ය බැවින් ඔහු එලෙස රැගෙනවිත් ඇති බව හෙළිවී තිබෙනවා.

ඇපකරු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හමුවේ බැංකු නිලධාරීන්ට සැක මතුව තිබෙන අතර ඔහුට රෝගී තත්වයක් වන්නට ඇති බව පවසමින් ගිලන් රථයක් කැඳවා කළ පරීක්ෂණයේදී එම පුද්ගලයා මියගිය අයෙක් බවට හෙළිවී ඇතැයි සඳහන්.

ගිලන් රථ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීමට පැය 4කට පමණ පෙර එම පුද්ගලයා මරණයට පත්වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රසීල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »