සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ළමා වියේදී කුමන හෝ අතවරයකට ලක්ව ඇති බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අතුරින් සියයට 31ක් මානසිකව හිංසනයන්ට ද තවත් සියයට 28.5ක් ලිංගික අතරවරයන්ට ද තවත් සියයට 9ක් නොසලකා හැරීමට මෙන්ම සියයට 40කට වැඩි ප්‍රතිශතයක් කුඩා කල ගෘහස්ථ හිංසනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ළමා වියෙහි මුහුණු දීමට සිදුවූ කම්පන සහිත සිදුවීම්වලින් දරුවන් මුදා ගැනීම සදහා EMDR ලෙස නම් කළ නව සායනික ක්‍රමයක් ද හඳුන්වා දී තිබෙනවා.
ළමා මානසික විශේෂඥයින් පවසන්නේ කුඩා කල හිංසනයට පත් දරුවන් නිසි ප්‍රතිකාර සදහා යොමු කිරීමෙන් අනාගතයේ ඇති විය හැකි දරුණු තත්වයන්ගෙන් මුදවා ගැනීමට හැකියාව පවතින බවයි.
විශේෂයෙන් එවැනි තත්වයකට මුහුණ දුන් ළමුන් වැඩිවියට පැමිණිමත් සමග සමාජ විරෝධි ක්‍රියාවලට මෙන්ම සියදිවි නසාගැනීම් වෙත පෙළඹීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.
EMDR සායනික ක්‍රමය මගින් ළමුන් හිංසනයන්ට ලක්වීමට හේතු වූ මූලික කරුණුවල සිට එම තත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය කායික මෙන්ම මානසික උපකාරක සේවා සැපයීම විශේෂත්වයක්.